(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ යක්කලමුල්ල මාකුඹුර තෙල්පල හන්දියේ දී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (2) මිය ගිය බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ නානායක්කාර අත්තුඩගේ සුමනපාල (68) නැමති ගම්මැද්දගොඩ කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාකුඹුර තෙල්පල හන්දියෙන් මාර්ගය මාරුවෙමින් සිටියදී යතුරුපැදියක ගැටිමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරෙන් යතුරුපැදිකරු ද බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය අද (2) පැවැත්වීමට නියමිතය.

