උඩවලව ජලාශයේ වාන් දොරටු 03 ක් විවෘත කරයි


(චන්ද්‍රසේන ගමගේ)

අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශය වාන් දැමීමේ මට්ටමකට පැමිණ ඇති හෙයින් අද (04) සවස වාන් දොරටු 03 ක් විවෘත කර එම ජලය වලවේ ගඟට මුදා හැරීමට පියවර ගත් බව උඩවලව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පැවසීය.

අඩි 01 බැගින් වාන් දොරටු 03 විවෘත කර ඇති බවත් එයින් තත්පරයකට ජලය ඝණ අඩි 9600ක් නිකුත් කරන බවත් ඒ මහතා පැවසීය.

වලවේ ගඟ පරිහරණය කරන ජනතාව සැලකිලිමත්ව සිටින ලෙසත් ආපදා තත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා අදාළ අංශ දැනුම්වත් කර ඇති බවත් සුජීව ගුණසේකර මහතා පැවසීය.