(මහේෂ් කිර්තිරත්න)
රට තුළ පවතින වාතාවරණය හමුවේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල රජය මගින් ලබාදෙන මාසික වැඩිහිටි දීමනා සිය නිවෙසටම ගොස් ලබාදීමට උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මියගේ මගපෙන්විම මත මෙම කටයුතු සිදු කරනු ලැබේ.
අමතර වියදමක් ද දරමින් තැපැල් කාර්යාලය වෙත ගොස් ලබා ගත යුතු මෙම දීමනාව ග්‍රාම නිලධාරීන් මගින් දීමනාලාභීන් අතටම පත් කිරීම මෙහිදී සිදුවේ .