උකුවෙල ප්‍රා. සබේ මන්ත්‍රීවරු සභා ගැබෙන් ඉවත්වෙති


(මහේෂ් කිර්තිරත්න)

උකුවෙල ප්‍රාදේශීය  සභාවේ පසුගිය සභා වාර්තාවේ සඳහන් කරුණු සාවද්‍ය බව පවසමින්  එම වාර්තාවට විරෝධය පල කරමින් අද (12) පැවති  මහ සභා රැස්විමේදි පාලක පක්ෂයේ බහුතර බලය හිමි එජාප මන්ත්‍රිවරු 7 දෙනෙකු එයට විරෝධය පාමින් සභා ගැබෙන් ඉවත්ව ගියහ.

උකුවෙල ප්‍රාදේශිය සභාවේ  සභාපති (එ.ජ.නි.ස) ඩි එම් චේතියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති මහ සභා රැස්විමේදි   පසුගිය මහ සභා වාර්තාව සභාවට ඉදිරිපත් කිරිමේදි  අදාළ නොවන කාරණා තිබිමත් එයින්  උපසභාපතිවරයා වශයෙන් තමාද  හෑල්ලුවට පත්කිරිමේ කුමන්ත්‍රණයක්  සිදු වී ඇති බැවින්  එක්සත් ජාතික පක්ෂයේ  මන්ත්‍රීවරයා වශයෙන්  සභාවෙන් පිටව යන බව පවසා උප සභාපති ඒ ජේ එම් නිසාර් මහතා පිටව යන ලදී .

මන්ත්‍රිවරයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අයි එම් පාරිස් ඒ එච් බුහාර්දින්,  ඩී ජි නලින්,එච් එම් නිලුකා සුදර්ශනි , සෂිකා චමිලානි ගොඩගේ  හා එස් සන්දිරන් කුමාරන්  කණ්ඩායමේ 9 දෙනාගෙන්  7 ක් පිටව ගිය අතර දෙදෙනකු  වැඩමුළුවක් සදහා පිටව ගොස් ඇත.

මෙලෙස පිටව ගොස් ඇත්තේ එස් එම් පරොස් හා ප්‍රියංවදා රණවිර යන අයවේ .

උකුවෙල ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවිමේදි එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව බලය පිහිටවු අතර විපක්ෂය වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියා කරමින් සිටියි.