ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් විවෘත කරයි


(ශාන්ත චන්ද්‍රසිරි)


මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයේ  වාන් දොරටු තුනක්  අද (17) තව දුරටත් විවෘත කර තැබීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් විසින් පියවර ගෙන තිබිණි.


ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා  ජලාශයේ වාන් දොරටු තුනක් පෙරේදා (15) විවෘත කර තිබු අතර එයින් එකක් ඊයේ (16) වසා දමා තිබු අතර, යළිත් වර්ෂාව තවදුරටත් පැවැතීම නිසා මෙසේ වාන් දොරටු විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබිණි.


ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ජලාශයට පහළ ප්‍රදේශයේ කොත්මලා ඔයේ ජලය පරිහරණය කිරීමේදි ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා මහජනතාවගෙන්  ඉල්ලා සිටී.