ඉවතලන බෙහෙත් තොගයක් මදුරන්කුලියේ පාරක් අයිනක


හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
පුත්තලම කොළඹ මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ පාලු ස්ථානයක  අනාරක්ෂීත අයුරින්  දමා ගොස් තිබු ඖෂධ තොගයක් මුන්දලම පොලිසිය මැදිහත්ව ආරක්ෂීතව  ඉවත් කිරිමට අද ( 28 ) සවස කටයුතු කළේය.
 
අදාල ඖෂධ තොගය කිසියම් සමාගමකින් හෝ පුද්ගලයින් දමා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මෙම ඖෂධ තොගයේ දින ඉකුත් වූ සහ දින ඉකුත් නොවූ ඖෂධ ඇති බව දැක ගත හැකි නමුත් ඇතැම් ඖෂධ වල නිශ්පාදන සමාගම් වල නම් පවා දක්නට නැති අතර මෙසේ පාළු ස්ථානයක දමා ගියේ කුමන හේතුවක් නිසා දැයි අනාවණය නොවූ බව පොලිසිය පවසයි.
 
   ඖෂධ තොගයේ පෙති ලෙස ගත් විට 10000 කට වැඩි ප්‍රමානයක් ඇති බව පොලිසිය කියයි.    
 
 මේ පිළිබදව කල විමසිමේදි අදහස් දැක්වු පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පාලක නිහාල් ප්‍රේමරත්න මහතා මෙසේ පැවසීය.
 
 “ ඖෂධයක් කිසිම ආකාරයකින් කිසිම අයකුට නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කරන්න බැහැ. කල් ඉකුත් වු ඖෂධ නිසි ක්‍රම වේදයකට ලැයිස්තු ගත කර බලලත් නිළධාරියකු ඉදිරියෙදි විනාශ කිරිම කළ යුතුයි . එසේ කරන්න හැකියාව තිබේන්නේ අධික උෂ්ණත්වය සහිත උඳුනකින් පිළිස්සිමේන් පමණයි . එසේ නැතිව වල දැමිම හෝ මේ ආකාරයට බැහැර කිරිම   වරදක්.  ‘