(තිළිණි ද සිල්වා)
උතුරු මුහුදේ ගොඩ ගැසී ඇති ඉන්දීය ධීවර යාත්‍රා 121 ක පමණ ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට පියවර ගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව කියා සිටී.
උතුරු මුහුදු ප්‍රදේශයේ ගොඩ ගැසී ඇති මෙම යාත්‍ර විනාශ කිරීමට කටයුතු කරන බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉන්දීය බලධාරීන්ව දැනුවත් කළ බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.
ඒ අනුව ඔවුන්ගේද එකඟත්වය මත මෙම යාත්‍රා වෙන්දේසි කර එම මුදල් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් බෝට්ටු හිමිකරුවන්ට ලබාදීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ යාපනය කාර්යාලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
බෝට්ටු 121 න් බෝට්ටු 94ක් වෙන්දේසි කිරීම සඳහා අධිකරණ අවසරයද ලැබී ඇතැයි ද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වැඩිදුරටත් කියා සිටියේය.
2015 - 2018 දක්වා කාලසීමාවේදී නීතිවිරෝධී අන්දමන් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වීම නිසා අත්අඩංගුවට පත් මෙම යාත්‍රා කරෙයිනගර් එළාර නාවික හමුදා කඳවුරට අයත් මුහුදු ප්‍රදේශයේ ගොඩ ගැසී ඇත.