(ප්‍රදීප් කුමාර)
යාපනය වඩුක්කොට්ටෙයි ප්‍රදේශයේ පොකුණක සගවා තිබු ඉහළ වටිනාකමකින් යුතු මුරුගන් දේව ප්‍රතිමාවක්, මොණරුන්ගේ රුව සහිත ප්‍රතිමා දෙකක් ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදි.
මෙම ප්‍රතිමා ඉන්දියාවට ප්‍රවාහණය කිරීමේ අරමුණින් මෙසේ සගවා තබන්නට ඇති අබවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම ප්‍රතිමා තුන යාපනය වඩුක්කොට්ටෙයි පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටා ඇති සංගානෙයි ඔඩකරෙයි නාගතම්බිරාන් කොවිල අසල වු පොකුණක සගවා තිබියදී සොයා ගෙන තිබේ.
ආරක්ෂක අංශ වලට ලද බුද්ධි තොරතුරු මත සොයාගත් ප්‍රතිමා වැඩිදුර පරීක්ෂණ සදහා වඩුක්කොට්ටෙයි පොලීසියට භාරදී තිබේ.