ක.ග කරුණාරත්න
හබරණ සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි ඉන්දියානු ජාතිකයෙකුගේ මළසිරුරක් අද(01) අලුයම හෝටලයේ පිහිනුම් තටාකයේ තිබී හමුවී ඇතැයි හබරණ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේතට්වාර්ලාල් නැමැති 64 හැවිරිදිඅයෙකි.
ඔහු සිය බිරිඳ සමඟ මෙරට සංචාරයක් සඳහා පැමිණ හබරණ පිහිටි මෙම සංචාරක හෝටලයේ ලැඟුම්ගෙන සිටියදී අද(01) අලුයම සැමියා කාමරයේ නොමැති බවට හෝටලයේ කාර්‍යමණ්ඩලයට දැනුම්දී තිබේ.
පසුව ඔවුන් විසින්කල සොයාබැලීමේදී ඒ විදේශ සංචාරකයාගේ මළසිරුර හෝටලයේ පිහිනුම් තටාකයේ තිබෙනු දැක ඇත.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදුකිරීමට නියමිත බව විමර්ශණ කටයුතු සිදුකරන පොලිස්නිලධාරීහු කීහ.
හබරණ පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.