ඇළ මාර්ගයට මළ අපද්‍රව්‍ය දැමු අවන්හල් හිමියන් දෙදෙනකුට දඩ


(විජේරත්න රත්නායක)

 

ඇල්ල සංචාරක නගරය අසළින් ගලායන ඇළ මාර්ගයට මළ අපද්‍ර‍ව්‍ය බැහැර කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් අවන්හල් හිමියන් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000ක බැගින් දඩයක් නියම කිරිමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය.

එම සංචාරක අවන්හල් සතු වැසිකිළි 10 ක් මුද්‍රා තැබීමටද  මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

ඇල්ල වැල්ලවාය ප්‍ර‍ධාන මාර්ගයේ පිහිටි ප්‍ර‍මුඛතම සංචාරක අවන්හල් දෙකක හිමිකරුවන්ට මෙසේ දඩ නියමවූ අතර ඊට අමතරව ඔවුන් විසින් වැසිකිළි වළවල්වල සිට ඇළ මාර්ගයන්ට මළ අපද්‍ර‍ව්‍ය බැහැර කිරීමට සූක්ෂම ලෙස යොදා තිබූ සියළු නල ඉවත් කර එම වළවල්වල සියළු මළ අපද්‍ර‍ව්‍ය ගලි බවුසර් මඟින් ඉවත් කර මළ අපද්‍ර‍ව්‍ය ප්‍ර‍තිකාරක පද්ධතියක් මගින් එම අපද්‍ර‍ව්‍ය පිරිසිදු කර බැහැර කිරීමේ ක්‍ර‍මවේදයක් සකසා ලබන සැප්තැම්බර් මස 14 වැනි දාට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.