ඇසිඩ් ප්‍රහාරයකින් 8 ක් රෝහලේ


(ඉන්දිකා රාමනායක)

 

බුලත්කොහුපිටිය මොරොන්තොට ප්‍රදේශයේ පවුල් දෙකක දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී ඇසිඩ් ප්‍රහාර එල්ල කර ගැනීම නිසා පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පවුල් දෙකේම පිරිමි පුද්ගලයන් බව ද පොලිසිය සඳහන් කරයි.  තුවාලකරුවන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.