(ප්‍රසන්න පත්මසිරි)
දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පාරාදීසයක් වූ ඇල්ල කදු ප්‍රදේශයේ දේශීය පැළ වර්ග දහසක් රෝපණය කිරීම රාජ්‍ය ආයතන රැසකගේ සහභාගීත්වයෙන් අද (12) සිදුවිය.
වසරක් පාසාම නියං කාලයට ඇල්ල සංචාරක ප්‍රදේශයේ මානම් පතන ගින්නනෙන් දැවී යාමෙන් පසු මාස කිහිපයක් යන තෙක් කාන්තාරයක් බවට මේ ප්‍රදේශය පත්ව තිබේ.
අක්කර දහයක පමණ භුමි ප්‍රදේශයක දේශීය ශාක වර්ග දහසක් රෝපණය කිරීම මෙහිදී සිදුවිය.ඇල්ල ප්‍රාදේශීය සභාව,වනජීවි,දැව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව පැළ රෝපණය සිදුකෙරිණි.





