ඇල්ල ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 6කින් පරාදයි


( ඩී.කේ.රත්න) 

ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ 2019 වර්ෂයේ මංගල ප‍්‍රාදේශීය සභා අයවැය අද (30)  වැඩි ඡන්ද හයකින් පරාජයට පත් විය.

ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා (එ.ජා.ප.) විසින් 2019 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ මාසික මහා සභාවාරයට ඉදිරිපත් කිරීමෙන් පසු විවාදයට ගැනීමෙන් අනතුරුව සිදු කළ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද හයක් සහ විපක්ෂව ඡන්ද දහතුනක් ලැබීමෙන් අයවැය ලේඛනය වැඩි ඡන්ද හයකින් පරාජයට පත්විය.

ඡන්දයට පක්ෂව එ.ජා.පක්ෂයේ සභාපතිවරයා ඇතුළුව එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රීවරු හතර දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත‍්‍රීවරයා ඡන්දය ප‍්‍රකාශ කළහ.

මෙම සභාව සදහා ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරන මන්ත‍්‍රීවරයා මෙදින සභාවට පැමිණ සිටියේ නැත.