ඇල්ල ප්‍රා. සබේ උණුසුම් වෙයි


(ඩී.කේ.රත්න)

ඇල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය දෙවනවර සම්මත කිරිමෙන් සභාවේ අද (19) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් පැමිණීමට පෙර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනා පමණක් අයවැය සම්මත කිරිමෙන් මෙලෙස සභාව උණුසුම් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ඇල්ල ප්‍රාදේශීය සභාව බලය පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂය ලෙස කටයුතු කරයි.

සභා රැස්වීම පෙ.ව.9.00 ට පවත්වන බව දන්වමින් සියලූ මන්ත‍්‍රීවරුන්ට කැදවීම් ලිපි යවා තිබියදී අනෙකුත් මන්ත‍්‍රීවරුන් පෙ.ව.9.03 ට සභා රැස්වීම් ශාලාවට පැමිණෙන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 9.00 ට පැමිණ අයවැය සම්මත කර සභා රැස්වීම අවසන් කර සභාවෙන් පිටව ගොස් ඇත.

මීට පෙර පැවති සභා වාරයේදී මෙම සභාවේ අයවැය වැඩි ඡන්ද 14 කින් පරාජයට පත්වීමෙන් දෙවන වර අයවැය සම්මත කර ගනීම සඳහා අද දින සභාව රැස්කර තිබිණි.

මෙම තත්වය මත අනෙකුත් මන්ත‍්‍රීවරුන් සියලූ දෙනා එක්ව මේ පිළිබදව පළාත් පාලන කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ.

ඇල්ල ප‍්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු 7 දෙනෙකුගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරු ප5 දෙනෙකුගෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරු 7 දෙනෙකුගෙන් ජනතා විමුක්ති පෙරමුණ 1 මන්ත‍්‍රීවරයකුගෙන් හා ස්වාධීන කණ්ඩායම අංක එක එක් මන්ත‍්‍රීවරයකුගෙන් ඇතුළු මන්ත‍්‍රීවරු 21 කින් සමන්විතය.