ඇල්ල උඩුකුඹල්වෙල රක්ෂිතයට ගිනි තැබූ දෙදෙනෙකු අල්ලයි


(ඩී. කේ. රත්න)
 
ඇල්ල උඩුකුඹල්වෙල රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් දෙදෙනා ඇල්ල, උඩුකුඹල්වෙල ප‍්‍රදේශයේ පදිංචි 45 සහ 32 යන වයස්වල පසුවන්නෝ වෙති.
 
පුද්ගලයන් දෙදෙනෙකු ඇල්ල උඩුකුඹල්වෙල රක්ෂිතයට ගිනි තබන බවට පොලිස් හදිසි දුරකථන අංක 119 ට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීන් පිරිසක් එහි ගොස් එම රක්ෂිතය අසළදීම ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
බණ්ඩාරවෙල පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.