ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයෝ වැඩ වරති


චන්ද්‍රසිරි ගුණසේකර

ඇල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයන් අද (1)වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි .

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඇදිරිනීතිය දිනවලදී පවා අඛණ්ඩව සේවයේ යෙදී සිටින තමන්ට මේ සදහා අමතර දීමනාවක් ලබාදෙන ලෙස එම සේවකයන් සමිතියෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතත් සමිතිය ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සේවකයන් අද වැඩ වර්ජනයක නිරතව ඇත .

මෙම දීමනාව ගෙවීමට සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇතත් ඔවුන්ට පාලනාධිකාරිය විසින් මෙතෙක් එම දීමනාව ගෙවීමට කටයුතු කර නැති බවයි ඔවුහු පවසති.

එහෙත් පසුගිය දිනවල වියළි ආහාර පාර්සල් කිරිමේ කටයුතු කල එම සමිතියේ සේවකයන්ට අමතර දීමනාවක් ගෙවා ඇති බවද ඉන්ධන හල් සේවකයෝ පවසති .

මෙම ඉන්ධන පිරවුම් හලේ සේවය කරන සේවකයන් 11 දෙනෙකු මෙසේ වර්ජනයට එක්ව සිටිති .

පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සදහා ඉන්ධන සපයන්නේ මෙම ඉන්ධන හලෙන් නිසා මෙය ලොකු ගැටලුවක් වී ඇති බවද පොලිසිය පවසයි .