(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ සිවුවැනි ආසාදිතයා වාසිවැව ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග වාසිවැවට පිවිසෙන ඇලවක බලල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ගම්මාන රැසක් හුදකලා කල බව ( අද 30) නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .
එසේම ඇලවක බලල්ල ප්‍රධාන මාර්ගයට ඇති පිවිසුම් මාර්ග සියල්ලත් අවහිරකර ඇත බවද එම ප්‍රදේශ වල සිට කිසිවෙකුට නගරයට ඇතුලු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවද .පොලීසිය පවසයි .
වැලිසර නාවික කඳවුරේ සිට වාසිවැව තම නිවසට නිවාඩු ලබා පැමිණ ආපසු ගිය නාවික භටයාගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇති නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
මෙම ආසාදිත කාන්තාව ජලය බෙදාාහැර ඇති බවටත් ,එලවලු සහ බිත්තර අලවිකර ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇති බැවින්, මෙම පියවර ගත් බවත්, අද දිනයේ එම ප්‍රදේශ වලට මහජන පරීක්ෂක මහතුන් ,පොලිස් කන්ඩායම් ආසාදිත කත හා එම පවුලේ අයට සමීපව සිටි පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .