අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (16) අසනීප නිවාඩු දැමීම හේතුවෙන් රෝහලේ සියලූ කාර්යයන් අඩාල වී ඇතැයි ද ඉතාම අත්‍යවශ්‍ය කටයුතු පමණක් පවත්වාගෙන යන බව ද වෛද්‍ය අධිකාරීවරයා පැවසීය.
219ක් වු සුළු සේවක කාර්ය මණ්ඩලයෙන් අද සේවයට වාර්තා කර තිබුණේ සුළු සේවක පාලකවරයා පමණක් බව වෛද්‍ය අධිකාරීවරයා කීය.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 135 දෙනෙකුගේ හිඟයක් තිබිය දී දැනට සේවයේ නියුතු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් 219 දෙනාගෙන් එක් සේවිකාවක් ස්ථාන මාරුකර ඇති බව ද වෛද්‍ය අධිකාරීවරයා කීවේය.
සේවයට වාර්තා නොකරන බව අසනීප නිවාඩු වාර්තා කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දන්වා නැතිබව ද වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේ ය.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ පමණක් නොව මාතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත‍්‍රික් වලින් ද ඇඹිලිපිටිය දිසා මහ රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට රෝගින් එති. බාහිර රෝගීන්ගේ අංශයෙන් දිනකට දහසක් පමණ ද ඒහා සමාන රෝගීන් පිරිසක් දිනකට ප‍්‍රතිකාර ලබති.
පුර්ව දැනුම් දීමකින් තොරව රෝහලේ සේවා ඇණ හිටිම නිසා ඈත දුර ප‍්‍රදේශවලින් පැමිණි රෝගීහූ දැඩි අසීරුවට පත්ව හිස් අතින් ආපසු ගියහ.
මේ තත්ත්වය නිසා රෝහලේ බාහිර රෝගින්ගේ ප‍්‍රතිකාර සහ සියලූ සායනයන්හි කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ගිය බවද වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේ ය.