ඇමෙරිකා හමුදා ප්‍රධානියකුට නයිජීරියාවේ දී ප්‍රහාරයක්


ඇමෙරිකා ගුවන් හමුදා එයාර් මාෂල්වරයකු නයිජීිරියාවේ ලාගෝස් ගුවන්තොටුපොළේ දී සිලින්ජර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ප්‍රහාරයෙන් පසු හමුදා නිලධාරීවරයා ආපසු ඇමෙරිකාවට ගොස් ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව බලධාරීන් පවසයි. 

ඇමෙරිකාවේ ව්‍යාධි පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පරීක්ෂණ ආරම්භකැර ඇත. ඔහු ඇමෙරිකාවට ගිය වහාම රෝහල් ගත්කැර තිබේ. එයාර් මාෂල්වරයා පවසන්නේ තමන්ට පහරදුන් පුද්ගලයා හඳුනන්නේ හෝ කතා කැර හෝ නොමැති බවයි. පරීක්ෂකයන් පවසන්නේ එයාර් මාෂල්වරයා ඇමෙරිකා පුරවැසියකු වීම මේ ප්‍රහාරයට හේතුවන්නට ඇති බවයි.

සිලිංජරයේ තිබූ ද්‍රව්‍ය මෙතෙක් හඳුනාගෙන නැත. කෙසේ වෙතත් එය අවදානම් සහගත තත්ත්වයක් නොවන බව ද පරීක්ෂකයෝ කියති.