ඇඳීරිනීතියේදී වල්ලපට්ටා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට


(එස්. ඩි. කොඩිකාර )
 
ඇඳිරි නීතිය  කාලය තුළදී  හොර රහසේ නීති විරෝධී අයුරින් වල්ලපට්ටා කිලෝ 09 ක්  යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කළුබෝවිටියන ,රුවන්කන්ද ප්‍රදේශයේ දී  යතුරුපැදිය සමග අද (27) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු (33) හැවිරිදි දංගල ,අලපාලාදෙනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
 
මොරවක පොලිසියේ  බුද්ධි අංශයට ලද තොරතුරක් මත රුවන් කන්ද ප්‍රදේශයේ සිට කළුබෝවිටියන ප්‍රදේශය දක්වා වල්ලාපට්ටා  ප්‍රවාහනය කරමින් සිටින අතරතුර රුවන් කන්ද පන්සල ආසන්නයේ දී සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත .
 
සැකකරු මෙම වල්ලපට්ටා රුවන්කන්ද කැළෑවෙන් කපා පෝර උරයක  බහා යතුරු පැදිය පිටුපස ගැටගසා ප්‍රවාහනය කරමින් තිබූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.
 
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි දිනයකදී මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .

(ඡායාරූප - ප්‍රියංකර ගමගේ)