ඇඳීරිනීතිය අස්සේ මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ  රක්වාන  මාදම්පේ  රක්ෂිතයේ  අනවසරයෙන්  මැණික්  ගැරූ  පුද්ගලයන්  පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව  රක්වාන අඩවි වන නිලධාරී  ගයාන් මොහොටිටි මහතා පැවැසීය.

මැණික්  ගැරීම සඳහා යොදාගත් උපකරණ  තොගයක්ද සොයාගත් බව මොහොටිටි මහතා  කීය.

මාදම්පේ රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී මැණික්  ගරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත්බව ඒ මහතා  කීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනාට එරෙහිව නඩු පවරා  රකවාන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත්  කිරීමට  නියමිත බව ගයාන් මොහොටිටි  මහතා වැඩිදුරටත් සඳහන් කළේය.