ඇඳිරිය වේලාවේ වෙනිවැල් කැපු අයෙකුට දඩ


(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)

ඇඳිරි නීතිය පනවා තිබන  කාලයේ   ඉඔුල්පේ  රත්මලවින්න  රක්ෂිතයේ  වෙනිවැල්ලගැට  කැපු පුද්ගලයෙකු  අධිකරණයේදී  වරදකරුවකු  වීමෙන්  පසු රැපියල්  15000 දඩයක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) දා නියෝග කළේය.

බලන්ගොඩ  හතරභාගේ ප්‍රදේශයේ පදිංචි (47) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස  වරදකරැවෙකු විය.

බලන්ගොඩ අඩවි වන නිළධාරී විසින් මොහු අත්අඩංගුවට ගෙන මොහුට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කළේය.