(ඩී.කේ.රත්න )
ඇදිරිනීතිය බලපැවත්වෙන අවස්ථාවේදී හොර රහසේ වැඩි මිලට අලවි කිරීම සදහා අරක්කු බෝතල් 82 ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ලොරි රථයත් සමග අද (1) අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය.
බණ්ඩාරවෙල පුනාගල පාර දකුණු කැඹිල්ලෙවෙල පදිංචි වයස අවුරුදු පනස් හතක පුද්ගලයෙකු මෙසේ මෙම අරක්කු තොගයත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා බණ්ඩාරවෙල නගරයේ සිට කිණිගම හරහා දකුණු කැඹිල්වෙල දක්වා මෙම අරක්කු තොගය ප‍්‍රවාහනය කරමින් සිටියදී කිණිගම ප‍්‍රදේශයේදී පොලීසියට කොටුවී ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සහ අරක්කු තොගය බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.