නිශාන්ත කුමාර
ඇඳිරිනීතිය පවත්නා අවස්ථාවේ මුදලට කන්දකැටිය බුබුල ප්‍රදේශයේ අතුරු මාර්ගයක මුදලට සූදු කෙළින ලද බව කියන තරුණයින් තිදෙනකු අද (07) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය බුබුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28, 32 සහ 35 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි.
ඇඳිරිනීතිය පවත්නා අවස්ථාවේ බුබුල ප්‍රදේශයේ මාර්ගයක් අසල පිරිසක් එක්ව මුදලට සූදු කෙළිමින් සිටින බවට පොලීසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිලධාරීන් එහි පැමිණෙන දුටු තවත් පිරිසක් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
අත්අඩංගුවටට ගත් පුද්ගලයින් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.
කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි
ඇඳිරිය අස්සේ සුදු කෙළියේ යෙදුණු තරුණයෝ 3 ක් අල්ලති
Recommended Articles