(ප්‍රියානි මංගලිකා)
ඇඳිනීතීය අතරේ වෙඩි වැදීමකින් සහ වැටීමකින් අනතුරට ලක්වූ විශාල මුවන් දෙදෙනෙකු නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය මගින් මුදාගෙන ප්‍රතිකාර ආරම්භ කළ බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි .
නිකවැරටිය වනජීවි කලාපයට අයත් පුත්තලම සහ නාරම්මල ප්‍රදේශය වලදී අනතුරු වලට ලක්ව වැටී සිටියදී මෙම මුවන් දෙදෙනා මුදාගත් බවද පශුවෛද්‍ය ඒකකය පවසයි .
එක් මුවෙකු දඩයක්කරුවගේ වෙඩි තැබීමකට ලක්ව ඇති බවද.,අනෙක් මුවා අනතුරකින් බේරීමට දිව යාමේදී වැටීමකින් අනතුරට ලක්ව ඇති බවද ,ඇඳිරිනීතිය කාලය තුල සතුන් විශාල සංඛ්‍යාවක් මෙලෙස අනතුරු වලට ලක්ව සිටියදී මුදාගෙන ප්‍රතිකාර ලබා දුන් බවද ,ඉන් වැඩි ප්‍රමානයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවී ඇති බවද වනජීවි අංශ පෙන්වා දෙයි.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ ,පශුවෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ප්‍රමුඛ අඩවි සහකාර මංජුල විජේපාල මහතා ඇතුලු නිලධාරීන් අනතුරු වලට ලක්වූ සතුන්ට ප්‍රතිකාර සිදු කෙරේ.
මෙලෙස වන සතුන්ට හිංසා පීඩා කරමින් වන සතුන් දඩයම් කිරීම් නොකරන ලෙස වනජීවි අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.