(ප්‍රියානි මංගලිකා )
ඇඳිරිනීතිය අතරේ නිකවැරටිය හුලෝගෙදර ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් බිඳ මුදල් සොරාගත් බවට සැකකරුවෙකු අද(31) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
ඇඳිරිනීතිය හේතුවෙන් ව්‍යාපාරික ස්ථානය වසා තිබු බවද,එහා කිසිවෙකු නොමැති අවස්ථාවෙි ව්‍යාපාරික ස්ථානය බිඳ රුපියල් 16.000 මුදලක් සොරාගෙන ඇති.බවට ව්‍යාපාරිකයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කල බවද පොලීසිය පවසයි.
සැකකරු වහන්තැහැර ප්‍රදේශයේ 30 වියැති අයෙකු බවද ,මොහු නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.