ඇඳිරිනිතිය වෙලාවෙ රක්ෂිතයට ඇතුළු උනොත් වැඩ වරදි


(සම්පත් ප්‍රියනන්දන)

ඇඳිරිනීතිය  පනවා ඇති කාලයේ  රජයේ  රක්ෂිත  වලට   ඇතුළු  වි   මැණික්  ගැරිම, වල්ලාපටිට හා වෙනිවැල්ලගැට  කැපිම  සිදුකරන පුද්ගලයන්  අත්අඩංගුවට  ගෙන  ඔවුන්ට  එරෙහිව  නඩු පවරා  අධිකරණට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා අද (23) පැවැසිය.


මෙි  දිනවල  ප්‍රදේශයේ රක්ෂිතවලට  ඇතුළු වි ඇතැම් පුද්ගලයන්   මැණික් ගැරිම ,වල්ලාපටිට හා වෙනිවැල්ලගැට කැපිම  සිදු කිරිමට  කටයුතු  කරමින්  සිටින  බවට වාර්තා  වි තිබෙන  බව ඒ මහතා  කීය.

කොරෝනා වයිරසය ව්‍යප්ත විම පාලනය කිරිම සදහා රජය මගින් ඇඳිරිනීතිය පනවා  තිබුනද  වන සංරක්ෂණ  නිළධාරීන් පැය  විසිහතරම  රාජකාරි කටයුතුවල යොදවා  තිබෙන  බවද විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් සදහන් කලේය.