(මොහොමඩ් ආසික්)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබූ අවස්ථාවක සතුන් ඇල්ලීම සඳහා හක්කපටස් උගුල් ඇටවූ බව කියන පිය පුතු දෙදෙනෙකු කටුගස්තොට පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට යහලතැන්න ප්‍රදේශයේ වත්තක සතුන් සඳහා අටවා තිබූ හක්කපටස් තුනක් සොයා ගෙන පොලීසිය මගින් නිශ්ක්‍රිය කරනු ලැබ තිබේ.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද 12 වනදා මහනුවර මහේස්ත්‍රාත් තුමා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.