සම්පත් ප්‍රියනන්දන
ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ බලන්ගොඩ රජවක රජයේ රක්ෂිතයට ඇතුළු වි අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයෙකුට රුපියල් 65000 ක දඩ ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) දා නියෝග කළේය.
බලන්ගොඩ රජවක ප්‍රදේශයේ පදිංචි කිරිබත්ගල මුදියන්සෙලාගේ සුමනසේකර (42) හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස දඩ නියම විය.
මෙි අතර මහෙස්ත්‍රාත්වරයා මොහුට දැඩි ලෙස අවවාද කර සිටියේය.
බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතාගේ උපදෙස් පරිදි වන සංරක්ෂණ නිළධාරීන් විසින් පෙරේදා (24) වැනිදා රජවක රක්ෂිතයේ කල වැටලිමකදි මෙම පුද්ගලයා රක්ෂිතයේ මැණික් ගරමින් සිටියදී අත්අඩංගුවට නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය.