එස්. ඩී.කොඩිකාර සහ අජිත් ලංකාතිලක
ඇදිරිනීති කාලය තුළ ධාවනය කිරීමට ලබා දී තිබු අත්‍යවශ්‍ය රාජකාරී සඳහා කොළඹ ප්‍රදේශයේ ධාවනය කිරීමට බලපත්‍ර ලබා දී තිබු අඹතලේ ජල ව්‍යාපෘතියකට කොන්ත්‍රාත් පදනම මත ලබා ගෙන තිබූ ඩබල් කැබ් රථයක් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් දෙනියාය ප්‍රදේශයට මගීන් ප්‍රවාහනය කරමින් සිටියදී අද (15) කොස්මෝදර පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි (28) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය හදුනා ගෙන ඇත .
කොළඹ ප්‍රදේශයේ සිට අදාල කැබ් රථය සිව් දෙනෙකු සමඟ රුපියල් 14000.00 ක කුලී පදනම මත දෙනියාය ප්‍රදේශයට රැගෙන විත් ඇත්තේ අත්‍යඅවශ්‍ය රාජකාරී සඳහා යෙදවූ ස්ටිකරය ද කැබ් රථයේ ඉදිරි වීදුරුවෙහි අලවාගෙන බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් කැබ් රථ සහ රියදුරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
ඇඳිරි නීති බලපත අවභාවිත කළ අයෙක් අත්අඩංගුවට
Recommended Articles