( රොමේෂ් මධුෂංඛ )
ඇඳිරිනීතිය පවතින කාලය අතරතුර යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේ ගමන්ගත් ඉන්දීය ජාතිකයෙකු සහ කේරල ගංජා ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇඳිරිනීතිය පවතින කාලය අතරතුර පොන්නාලෙයි මාර්ග බාධකයක් අසලදී පුද්ගලයෙකු යතුරුපැදියකින් ගමන් කරන අතර තුරදී නාවික හමුදාව විසින් එම පුද්ගලයා නවතා සිදු කරන ලද පරික්ෂා කිරීමේදී ඔහු ඉන්දීය ජාතිකයෙකු බවටත් සංචාරක වීසා මත රැඳී සිටින බවටත් අනාවරණය වීමෙන් පසුව එම ඉන්දීය ජාතිකයා හා යතුරු පැදිය නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මේ අතර එම පොලිස් මාර්ග බාධකය අසල මාර්ගයක පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නවතා පරික්ෂා කිරීමේදී යතුරුපැදිය තුළ සඟවා රැගෙන ගිය කේරල ගංජා ග්‍රෑම් 25 ක් තිබී එම පුද්ගලයින් දෙදෙනාද අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා 48 හැවිරිදි තමිල්නාඩු ප්‍රදේශයේ වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා අවුරුදු 30 සහ 43 වයස්හි යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ඇතුලු අනෙක් දෙදෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා වඩුකොඩ්ඩඩෙයි පොලිස් ස්ථානය වෙතට භර දීමට නාවික හමුදාව විසින් පියවර ගන්නා ලදි.