රෝවන් පෙරේරා
ඇතකු පහරදීමෙන් වයස අවරුදු 38 එක්දරු මවක් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වනජීවී නිළධාරීන් කියයි.
මෙසේ වන අලි පහර කෑමට ලක්වී ඇත්තේ පුත්තලම අනුරධපුර මාර්ගයේ නවය කණුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ චමිලා ප්‍රියදර්ශණී නැමති කාන්තාවකි.
ඇය අලුයම හයට පමණ උදේ ආහාරය සැකසීම සඳහා නිවස අසල ඇති දෙහි ගස ළඟට ගෙඩියක් කැඩීමට ගිය අවස්ථාවේදී පහර දීම සිදුවී ඇත.
පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ ඇය කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.