(බන්දු තඹවිට)
නියමිත උෂ්ණත්වය නොමැතිව ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂයක පමණ වටිනා පෙර සකස් කරන ලද පරාටා රොටි,රෝල්ස්,පැටිස්, ඉඳිආප්ප පිටි, තොගයක් සිය බාරයට ගෙන විනාශකිරීමට මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළහ.
නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන කාලසීමාවතුල සෞඛ්‍යආරක්‍ෂිත නොවන අයුරින් මතුගම ප්‍රදේශයේ ආහාර ද්‍රව්‍ය බෙදාහරින බවට මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක රසික මුණසිංහ සහ ඕවිටිගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සජිත් ප්‍රශාන් යනමහත්වරුන්ට ලැබුණු තොරතුරක් අනුව පෙර සැකසු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදාහරින සමාගමකට අයත් ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ආහාර සොයාගෙන තිබිණි.
පසුව එම ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යආරක්‍ෂිත නොවන අයුරින් ප්‍රවාහනය කිරීමේ වරද ප්‍රවාහකයන් විසින් පිළිගෙන ලොරි රථයේ ශීතාගාරය නිසි පරිදි අලුත්වැඩියාකිරීමට පොරොන්දු වීමෙන් අනතුරුව එම ආහාර ද්‍රව්‍ය තොගය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මතුගම ප්‍රාදේශීය සභා කසල අංගනයේදී විනාශ කිරීමට කටයුතු කළහ.