පැතුම් දර්ශන
හොරොව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයේදී කොරොනා ආසාදිත බවට හඳුනාගත් නාවික සෙබලාගෙ සමිපතම ඥාතීන් හත්දෙනකු යුදහමුදා භාරයට ගෙන තිබේ.
ඒ අනුව නාවික සෙබලාගෙ බිරිඳ ඇතුළු ඥාතීන් හත්දෙනා වව්නියාව පම්පෙ මඩුව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකොට ඇති අතර එහිදී එම පුද්ගලයන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ ඇතුළු අනෙකුත් සියලූ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර එම කොරොනා ආසාධිත සෙබළා සමග කුඹුරු සඳහා රජය මගින් ලබාදෙන පොහොර ආධාර බෙදා දීමට එක් වූ අයෙකුද අද(30) දහවල් පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කර තිබේ.
නාවික සෙබළා නිවාඩු ලබා පැමිණ සිටියදී මෙම පොහොර ආධාර බෙදාදීම සදහාද සහයෝගය ලබාදී ඇති බවට සෞඛ්‍ය අංශය තහවුරු කරගෙන තිබේ.
ආසාදිත නාවික සෙබළාගේ ඥාතීහු 7ක් නිරෝධායනයට බාර වෙති
Recommended Articles