(ඩී.ජී.සුගතපාල)
ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් හිසට පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අනුරුද්ධගම පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
එම ගමේම පුද්ගලයෙකුට අයත් මන්නා පිහියක් රැගෙනවිත් එය ආපසු නොදීම නිසා ඇතිවු බහින් බස් වීමකදි මෙම පහරදීම සිදු කර ඇති අතර තුවාලකරු ඇල්පිටිය රෝහල වෙත ගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.
සැකකරු 25 හැවිරිදි අයෙකු වන අතර, මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇත. ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.