(සමන් පාලිත නානායක්කාර)
තද වැසි හේතුවෙන් මාර්ග නිවාස ඇතුළු හානි වූ දේපල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම් .එල්. උදයකුමාර මහතා පැවසී ය.
විශේෂයෙන් කැඩීගිය මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට පත් කිරීමට සහ හානියට පත් සියලු දේපල තක්සේරු කිරීමේ වැඩ කටයුතු සැලසුම් කරන බව හෙතෙම පැවසීය.
නායයාමේ අවදානම හා ජලගැලීම් හේතුවෙන් අවතැන් වූ ජනතාව සිටි කඳවුරු ඉවත් කර එම ජනතාව සුපුරුදු වාසස්ථාන කරා යැවීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

