(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුරුවාතොට රෙමුණ ආඳාදොළ ඇල්ල නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අද(15) සිට මත්පැන් සහ පරිසරය අපවිත්‍ර කරන ද්‍රව්‍ය රැගෙන පැමිණීම තහනම් බව අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා කියයි.
ආඳා දොළ ඇල්ලේ හා ඒ අවට පරිසරයේ සුන්දරත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බවද ස්ථානාධිපතිවරයා කීය.
ඒ අනුව, ප්ලාස්ටික් බෝතල්, අයිස්ක්‍රීම් පෙට්ටි, මත්පැන්, වීදුරු බෝතල්, ගිනි පෙට්ටි ආදිය රැගෙන ඒම තහනම් බව ඔහු කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පරිසර සුන්දරත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට සමගාමීව මෙම පියවර ගත් බවද ඒ මහතා කීය. අඟුරුවාතොට පොලිස් වසමට විශේෂ වූ සම්පතක් වන ආඳා දොළ ඇල්ල මෙන්ම අවට සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම පිණිස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සෙනසුරාදා, ඉරිදා සහ අනෙකුත් විශේෂ නිවාඩු දිනවලදී ආඳා දොළ නැරඹීමට සංචාරකයන් පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවට ලක්කිරීම සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ආඳා දොළ පරිසරයට පිවිසෙන ස්ථානයේ යොදවා ඇති බවද ඔහු කීය.


