ජුඩ් සමන්ත
ආණමඩුව - ආඩිගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය හෝටලයකට කඩා වැදී මැර පිරිසක් ඊයේ (18) රාත්‍රී ප්‍රහාරයක් එල්ල කර ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
ප්‍රහාරයෙන් තම හෝටලයට රුපියල් ලක්ෂ 20 ක පමණ අලාභයක් සිදුවී ඇති බව හෝටලයේ හිමිකරු පවසයි.
යතුරුපැදියකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කරනු ලැබීය.
ප්‍රහාරය සඳහා කඩු සහ පොළු භාවිතා කර ඇති බව හෝටලයේ සවිකර ඇති ආරක්ෂිත කැමරාවල සටහන් වේ.
ප්‍රහාරයට පැමිණි කණ්ඩායමේ නායකයා ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු බවත්, තම හෝටලයෙන් ඔහු විසින් ආහාර ලබාගෙන මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් ගැටළුවක් මෙම සිද්ධියට හේතුව බව හෝටලයේ හිමිකරු සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයේ දේශපාකයකුගේ රැකවරණය ලබන බවත් හඳුනාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.