ආණමඩුව කොට්ටුකච්චිය විද්‍යාලයට ලක්ෂ 175 ක ඉගෙනුම් මධ්‍යස්ථානයක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් වෙනුවෙන් ලක්ෂ 175 ක වටිනාකමකින් යුතුව ඉදිකළ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරිම අද (13) පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවට කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පති ඒ.එච්.එම් . ප්‍රියන්ත සමන් කුමාර මහතාගේ ආරාධනයෙන් පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.එච් එම්.අර්ජුන , කොට්ඨාශ කාර්යාලයේ ගුරු උපදේශීකා මල්ලිකා ජයසුරිය , ශිෂ්‍ය භට බළකාය අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්.එම්.සි.රත්නායක , මේජර් එස්.එස්.සි ආරියනන්ද , කපිතාන් ඩබ්ලියු .එම් .එස් .අනුරුද්ධ , ලුතිනන් ඒ.ආර්. ගුණසේකර යන මහත්ම මහත්මින් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වූහ.