(ඔගස්ටින් ප්‍රනාන්දු)
කොරෝනා වයිරසය හේතුවෙන් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව සිටින පවුල් වෙත සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 21 ක මුදලක් වෙන් කර ඇති බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති කන්දසාමි තෙච්චනාමූර්ති මහතා පැවසීය.
ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සමඟ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගත් බව සභාපතිවරයා කීය.
ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂය බැගින් මුදා හැරීමට නියමිතව තිබු අතර එම මුදල් වලින් රුපියල් ලක්ෂ 21 ක මුදලක් මෙම සහන සේවා කටයුතු සඳහා නිදහස් කිරිමට මන්ත්‍රීවරුන් 21 දෙනාගේම අනුමතිය ලැබුණ බවත් සභාපතිවරයා පැවසීය.
ප්‍රදේශය තුළ මේ වන විට ආර්ථික අසීරුතාවන්ට මුහුණ දී සිටින පවුල් ඒ ඒ වසම් වල සිටින ග්‍රාම නිලධාරින් මගින් හඳුනා ගෙන එම පවුල් වෙත අත්‍යවශ්‍ය වියළි ආහාර සලාකයක් නොමිලයේ ලබා දීමට තීරණය කළ බවත් ඒ මහතා කීය.