(ක.ග.කරුණාරත්න)
දිඹුලාගල, ඇල්ලේවැව, පබුදුගම ප්‍රදේශයේදී අද (10) අලුයම කුඹුරට ගොස් සිටි 64 හැවිරිදි ගොවියෙකු වන අලියෙකු පහරදීමෙන් මරුණුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ඇල්ලේවැව, පබුදුගම, අංක 412 ලිපිනයේ පදිංචිව සිටි පී.ආර්.ඩිංගිරි බණ්ඩා (64) යන අය බව හඳුනාගෙන තිබේ.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
මේ දිනවල ඇල්ලේවැව ඇතුළු මහවැලි ගම්මානවලට වන අලින්ගේ පැමිණීම බහුලව සිදුවන බව ගම්වාසීහු පැවැසූහ.

