(සේනක බණ්ඩාර සහ අතුල බණ්ඩාර )
දින තුනකට පෙර මියගිය අලියකුගේ මළ සිරැරක් අද (4) සොයාගත් බව මීගලෑව වනජීවී කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි බී.ඒ.කේ. අබේරුවන් මහතා පැවසීය.
ගනේගොඩ කුඹුක්වැව නෑගම්පහ ප්‍රදේශයේ වන අලියකු මියගොස් සිටින බවට ගම්වාසීන් කළ දැනුම් දීමකට අනුව කළ සෝදිසියකදී ගනේගොඩ කුඹුක්වැව ප්‍රදේශයේ පාළු ඉඩමක වන ලැහැබකින් අලියකු මිය ගොස් තිබෙන බව අඩවි ආරක්ෂක නිලධාරිවරයා කීය.
මියගිය අලියා හමුවන විට දින තුනකට පෙර මියගොස් තිබෙන බවත් අවුරුදු 35 ක් වයසැති අලියා මිය යාමට හේතුව තවමත් අනාවරණය කළ නොහැකි බව හෙතෙම පැවසීය.
පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මිය යාමට හේතුව ගැන පරීක්ෂණ පවත්වන බවද මීගලෑව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරි බී.ඒ.කේ. අබේරුවන් මහතා කීය.
මීගලෑව වනජීවී කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි බී.ඒ.කේ. අබේරුවන් මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


