අලි පැටවකුගේ මළ සිරුරක් හමුවෙයි


(ඩී.කේ.රත්න)

මියගිය අලි පැටවකුගේ මළ සිරුරක් කොස්ලන්ද ඔෆ්ෆිල්ඩ් වත්තේ තිබී අද (13) පස්වරුවේ සොයා ගත්බව කොස්ලන්ද පොලිසිය පැවසීය.

වයස අවුරුදු පහයි මාස හයක පමණ අලි පැටවකු මෙසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී හමුවූ බව පොලිසිය කීය.

පුද්ගලයෙකු විසින් කොස්ලන්ද පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව අලිපැටවාගේ මළ සිරුර සොයා ගෙන තිබේ.

අලි පැටවා මරණය පිළිබඳ නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමත.

අලි පැටවාගේ මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරීන්ට දැනුම්දී ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව කොස්ලන්ද පොලිසිය කීය.