අලි ප්‍රහාරයෙන් යතුරුපැදිකරු මරුට


( නිමල් ජයරත්න )

පොළොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ ගමන් ගත් යතුරුපැදිකරුවකුට වැලිකන්ද නාමල්ගම ප‍්‍රදේශයේදි අද(01) අළුයම අලියකු පහර දීමෙන් මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි

ඔහු තම යතුරුපැදියෙන් රිදිතැන්නේ සිට වැලිකන්දේ ආපන ශාලාවක සේවයට පැමිණෙමින් සිටියදි අලි ප‍්‍රහාරයට ලක්ව ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

බරපතල තුවාල ලැබ සිටි යතුරුපරදිකරු වැලිකන්ද ප‍්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙම ස්ථානය මාදුරුඔය සහ සෝමාවතිය ජාතික වනෝද්‍යානවල  අලි ගමන් ගන්නා ප‍්‍රධාන ස්ථානයක් බව වැලිකන්ද වනජිවි නිලධාරීහු පවසති.