(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ගම් වැදුණු වන අලි පලවා හැරීමේ නිරතව සිටි වන ජීවි නිලධාරීන් පිරිසකට පුද්ගලයකු අද(3)දින අලුයම පහර දී ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ නවගත්තේගම වන ජීවි අඩවි ආරක්ෂක කාර්යාලයේ රියදුරු වන බී.එම්. එස් .කේ. බාලසුරිය හා කේෂත්‍ර සහායක හිරාන් අනුරුද්ධ බණ්ඩාර නැමති දෙදෙනෙකී.
මොවුන් දෙදෙනා නවගත්තේගම ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව පොලිසිය පවසයි.
වන ජීවි නිලධාරීන් දෙදෙනා සමඟ තවත් පිරිසක් ගම්වැදුණු වන අලි පලවාහැරීමේ යෙදී සිටියදී, නවගත්තේගම, බෝගස්වැව පෙදෙසෙහිදී බීමතින් පැමිනි අයෙකු ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් බහින්බස් වී පහරදී ඇතැයි පොලිසිය පවසයි.
පහර දීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇති බව නවගත්තේගම පොලිසිය කියයි.



