අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මහියංගන වැසියෝ වීදී බසිති


 (රංජිත් කරුණාවීර)
 
වන අලි ගැටලුවට නිසි විසදුම් නොදුන් බවත් , මේ දිනවල අලි හානි වලට මුහුණදීමට සිදුව ඇති බව පවසමින් මහියංගන අවට ගම්මාන කිහිපයක ගම්වාසින් පිරිසක් අද (04) මහනුවර අම්පාර ප්‍රධාන මාර් ගය මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර් යාලය ඉදිරිපිටදී අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.
 
මහියංගන තරුණ ව්‍යාපාරය ගම්මානය, බැරියල්හන්දිය, බෙලිගල්ල, සොරබොර, ඔරුබැදිවැව, හද්දත්තාව ආදි ගම්මාන වල ගම්වාසීන් වේ. සමස්තලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටි බී සරත් මහතාද ගම්වාසීන්ගේ  ගැටලුව සදහා විසදුම් ලබාදීමේ අරමුණ ඇතිව විරෝධතාවයට එක්ව සිටියහ.
 
පැයක පමණ කාලයක් මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර් යාලය අභියස මාර් ගය හරස් කරමින් විරෝධතාවය පැවතියේය.