අල්ලස් ගත්තැයි මඩුල්ලේ කාර්මික නිලධාරියෙක් සැකපිට


(ඉන්දිකා රාමනායක)
 
මොණරාගල මඩුල්ලේ  මාර්ගයක් සංවර්ධන කිරීම සඳහා කොන්ත්‍රාත් ලබා ගැනීමට බිල්පත් සකස් කිරීම ඇතුළු කරුණු  වෙනුවෙන් යැයි කියා රුපියල්  18,000 ක අල්ලසක් ගත්තේයැයි සැකපිට කාර්මික නිලධාරියකු අද (11) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
 
සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.