අලව්වේ වෙළඳසැල් සේවකයින් 23කට කොරෝනා




(අධිකාරි මුදියන්සේ)

අලව්ව නගරයේ ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළඳසල් 02ක සේවකයින් 19 දෙනෙකු පසුගියදා කොවිඩ් ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගෙන් කළ පී.සී.අර් පරීක්ෂණයෙන් පසු තවත්  23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව අලව්ව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිහු පවසති.

මෙම තොග වෙළෙඳ සැල සමග නිතරම ගනුදෙනු කරන පුද්ගලයකු කොවිඩ් ආසාදිතවීමෙන් අනතුරුව එම වෙළෙඳ සැලේ හිමිකරු ඇතුළු සේවකයන් හට කළ පී.සී.ආර් පරීක්ෂණවලදී පසුගිය 18 වැනිදා මෙම ආසාදිතයින් 19 දෙනා හඳුනාගෙන තිබූ අතර, අද වනවිට එම තොග වෙළඳසැල ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 42 ක් බව අලව්ව සෞඛ්‍ය නිලධාරිහු සඳහන් කරති.