IMG-LOGO

වැඩ බලන විගණකාධිපතිට මාස හයක සේවා දිගුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

වැඩ බලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාට තවත් මාස හයක කාලයක් වැඩ බැලීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය  ලැබිණ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්විය.

එම රැස්වීමට එම කාරක සභාවේ සියලුම සාමාජිකයන් සහභාගි වී ඇත.

මීට පෙර ජනාධිපතිවරයා විගණකාධිපති තනතුර සඳහා පංච තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වන එච්.පී.ටී චන්දන මහතාගේ නම යෝජනා කළ නමුත් ව්‍යවස්ථා සභාව වැඩි ඡන්දයෙන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද තුනක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද පහක් ලැබී තිබිණ.

 



අදහස් (0)

වැඩ බලන විගණකාධිපතිට මාස හයක සේවා දිගුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 438 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1937 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site