IMG-LOGO

කෑම බිල වැඩි කළාට මැති සබේ සේවකයෝ නොසතුටින්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීම සම්බන්ධයෙන් එම සේවකයෝ නොසතුටට පත්ව සිටිති.

තමන්ගේ දීමනා බොහොමයක් කප්පාදු කෙරුණු වටපිටාවක කෑම බිලද එකවර මෙසේ ලොකු ප්‍රමාණයකින් වැඩි කිරීම අසාධාරණ බව ඔවුහු පෙන්වා දෙති.

පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතියේ රුපියල් 1000 ක් වශයෙනි. පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව ගත් තීරණය අනුව සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 3600ක් දක්වා වැඩිකර ඇත.

එසේම පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ කෑම බිලද රුපියල් 1500 සිට 4000ක් දක්වා වැඩි කිරීමට කමිටුව තීරණය කර ඇත.

 



අදහස් (5)

කෑම බිල වැඩි කළාට මැති සබේ සේවකයෝ නොසතුටින්

athula Thursday, 22 May 2025 06:33 PM

මාසයක් කන්න දීලා රුපියල් 1000 ගන්නේ. මාර අපරාදයක්නේ. මහජනයාගෙන් පඩි අරන්.අයියෝ

:       2       36

nishantha Thursday, 22 May 2025 06:35 PM

මේක රුපියල් 10,000 කරන්න ඕනේ

:       0       32

swene Thursday, 22 May 2025 07:58 PM

මෙච්චර කල් මාසයක කෑම වෙනුවෙන් රුපියල් 1000ක් පමණක් අය කිරීම පිළිබඳව අදාළ අයගෙන් නිදහසට කරුණු විමසිය යුතුයි.

:       0       16

sunil Thursday, 22 May 2025 08:25 PM

අපිට සයිවර් කඩේකින් තෝසේ කාලා ප්ලේන්ටි එකක් බිව්වත් එක වේලකට රුපියල් 150කට වඩා යනවා. පාර්ලිමේන්තු සේවකයිනට උදේ කෑම, තේ දෙකක් සහ දහවල් කෑම මසකටම රුපියල් 1000යි. මසකට දින 20ක් වැඩ කළොත් දිනකට රුපියල් 50යි. ඔය ගන්නට කෑම දීපු අයට මොනවාද කරන්න ඕනෑ? මාර ජෝගියක් නේ කරලා තියෙන්නේ...

:       1       16

කැලුම් Thursday, 22 May 2025 08:44 PM

මාසේ පඩිය රුපියල් 2500 ද අප්පා

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 438 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1938 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site